පක්ෂ දෙකකින් එකම දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙක්

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

එකම අපේක්ෂකයෙකු මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට පක්ෂ දෙකකින් ඉදිරිපත් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඊයේ (15) දින තැපැල් දෙපාර්තමේන්තුව මගින් ජන්දදායකයින් වෙත බෙදා දුන් ජන්ද පත්‍රිකාව සමග ලබාදුන් ලේඛණයේ මෙය සදහන් වන බවට ජන්ද දායකයෝ පෙන්වා දීමත් සමගයි.

ඒ අනුව අපේ ජනබල පක්ෂය මගින් අංක 03 යටතේ කොළොන්නේ සිරි ශාන්ත විජය හිමි ලෙසත් ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් අංක 02 යටතේත් තරග වදින කොළොන්නේ සිරි ශාන්ත විජය හිමි එකම පුද්ගලයකු බව ජන්දදායකයෝ පැමිණිලි කර ඇත්තේ.

එකම පුද්ගලයකුට පක්ෂ දෙකකින් තරග කල හැකිද යන්න ජන්දදායකයින් ප්‍රශ්න කරන අතර ඊට අමතරව මෙම නාමයෝජනා පත්‍රය බාර ගත් දින ප්‍රතික්ෂේප නොවුයේ මන්ද යන්න ගැන ජනතාව ප්‍රශ්න කර සිටියි.
පක්ෂ දෙකකින් එකම දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙක්
-newswire-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *