ලෝකේ වටේ තුන්පාරක් යන්න පුළුවන් දුරක් මෛත්‍රී රට ඇතුළේ ගුවනින් ගිහින්

ලෝකේ වටේ තුන්පාරක් යන්න පුළුවන් දුරක් මෛත්‍රී රට ඇතුළේ ගුවනින් ගිහින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තමාගේ වසර 05ක ධුර කාලය තුළ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිත කරමින් කිලෝමීටර් 131277ක ගුවන් ගමන් ගොස් තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාගත් තොරතුරු අනුව මේ බව හෙළි විය.

හිටපු ජනාධිපති මෛත්රීපාල මහතාට එම ධුර කාලයේදී ගුවන් හමුදාව විසින් ප්රභූ (VIP) හෙලිකොප්ටර් යානා ලබාදී ඇති අතර ඔහු ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටර් භාවිත කර ගුවන් ගමන් වාර 535ක් ද Bell-412 යානා මගින් 22 වතාවක් ගුවන් ගමන් ගොස් තිබේ.

ඒ අනුව වසරක⁣ට සාමාන්ය වශයෙන් ගුවන් ගමන් 111ක් සඳහා හෙලිකොප්ටර් යානා භාවිත කර ඇති අතර ඔහු තම මුළු ධුර කාලයේදී නාවික සැතපුම් 70884ක් එනම් කිලෝමීටර් 131277.17ක් මෙලෙස ගුවන් ගමන් ගොස් ඇත.

මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ වසර පහ තුළ සිදුකළ ගුවන් ගමන් 557ට කිසිදු අයකිරිමක් කර නැත.මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාව හේතු දක්වා නොමැත. පෘථිවියේ මුළු පරිධිය කිලෝමීටර් 40030.17ක් වේ.ඒ අනුව මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා ගුවන් හමුදාවේ යානා භාවිත කරමින් ගුවනින් කළ සංචාර සැලකීමේදී ලෝකය වටා තුන් වරක් ගමන් කිරීමට හැකි දුරක් කිසිදු අයකිරිමක් නොමැතිව ගොස් තිබේ.

(මෙය මාධ්යවේදී පී.නිරෝෂ් විසින් Tamil Mirror පුවත්පතට කළ වාර්තාවක සිංහල පරිවර්තනයකි.මාධ්යවේදී පී.නිරෝෂ් තොරතුරු පනත යටතේ තොරතුරු ලබාගනිමින් මාධ්යකරණයේ යෙදෙන තරුණ ජනමාධ්යවේදියෙකි.)
-medialk-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *