පෞද්ගලික බැංකු ගිණුම් ඉවත් කරන්නැයි ජමියතුල් උලමා සභාව කීවේ නැත…

Athuraliye Rathana Thero

පෞද්ගලික බැංකුවකින් ගිණුම් ඉවත් කර ගන්නැයි ජමියතුල් උලමා සභාව ඉල්ලා සිටියා යැයි කියන පුවත අසත්‍ය බවත්, එම පුවත ප්‍රතික්ෂේප කරන බවත් සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව අද නිවේදනය කළේය.

ජමියතුල් උලමා සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියේය.

දෙහිවල පෞද්ගලික බැංකුවක සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එම ප්‍රකාශයේ සඳහන්ව තිබුණි. මෙම සිදුවීමේදී එක් මුස්ලිම් කාන්තාවකට මුහුණු ආවරණය පැළඳ බැංකුව තුළට ඇතුළු වීමට බැංකු නිලධාරීන් ඉඩ ලබා දුන්නේ නැත.

මින් පෙර පළ වූ පුවතක වාර්තා වී තිබුණේ, එම කාන්තාවගේ හිස ආවරණය ඉවත් කරන ලෙස බැංකු නිලධාරීන් ඉල්ලා සිටි බවයි.

එනමුත් බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබුණේ, හඳුනා ගැනීමට නොහැකි වූ බැවින් මුහුණු ආවරණය ඉවත් කරන ලෙස බැංකු නිලධාරීන් ඉල්ලා සිටි බවයි.

මෙවන් තත්වයන් තුල, සිදුවීම්වලට සම්බන්ධ වූ ආයතනයන් සමඟ සුහඳව කටයුතු කිරීමෙන් විසඳා ගත යුතු බව අප අවධාරණය කරන බව සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව නිවේදනය කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන්, මුස්ලිම් ජනතාව වෙත පෞද්ගලික බැංකුවලින් තම ගිණුම් ඉවත් කරගන්නා ලෙස ජමියතුල් උලමා සභාව විසින් දැනුම් දුන් බව කියන පුවත සත්‍යයෙන් තොර බව සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව සඳහන් කරයි.

එමෙන්ම,මෙවැනි පදනම් විරහිත චෝදනා සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව තරයේ ප්‍රතික්ෂේප කරන බව පොදු ජනතාව වෙත නිවේදනය කර සිටි.

තවද මෙවැනි නිවේදනයක් කිසිවිටෙකත් නිකුත් නොකළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු යැයිද පවසා සිටි.

තවද සමාජ මාධ්‍ය තුළින් පතුරුවනු ලබන අසත්‍යය කරුණු පිළිබඳව විමසිල්ලෙන් හා අවබෝධයෙන් සිටින ලෙසද මහ ජනතාවගේන් ඉල්ලා සිටි.

ඒ සමඟම, සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාවෙන් නිකුත් කරන සියළුම නිවේදන ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට පිවිස ලබා ගන්නා ලෙසත් පොදු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

ජමියතුල් උලමා සභාවේ එම ප්‍රකාශය පහත බලන්න!
acju on samapath bank case

නමුත් පූජ්‍ය අතුරලියේ රතන හිමි දේශපාලන වේදිකාවක දී චෝදනා කර තිබුනේ සම්පත් බැංකුව වර්ජනය කරන ලෙස ජමියතුල් උලමා සභාව මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටි බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *