සුමන්තිරන් සහ ශ්‍රීදරන්ට ජන්දය දෙන්න එපා – හිටපු කොටි ප්‍රධානියකුගෙන් ප්‍රකාශයක්…

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

ජාතික නායකයාට ආදරය කරන, දෙමළ ජාතික සන්ධානයට සහයෝගය දක්වන ජනතාව සුමන්දිරන් සහ ශ්‍රීදරන්ට ජන්දය නොදිය යුතු යැයි කොටි සංවිධානයෙහි හිටපු ප්‍රධානියකු වන කාක්කා (මුත්තුකුමාර් මනෝගර්) ප්‍රසිද්ධියේ ඉල්ලා තිබේ.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ(4) දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් හෙතෙම පවසා සිටියේ..

අප ජාතික නායකයා විසින් පෙන්වාදුන් පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානයට ජන්දය ලබාදීම තම යුතුකමක් බව ඇතැමුන්ගේ අදහසයි. එවැනි අයට මම එක දෙයක් කියන්නම්, දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ කරන අපේක්‍ෂකයන්ගෙන් සුමන්දිරන් හැර වෙනත් ඔනෑම තිදෙනෙකුට ජන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
-jvpnews.com-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *