මඩකළපුවට හදිසි සංචාරයක නිරතවූ භීක්‍ෂුන් – ජනතාව අතර කලබලයක්…

නැගෙනහිර පළාතයෙහි පුරා විද්‍යා ඉඩම් හඳුනාගෙන එය ආරක්‍ෂා කිරීම සඳහා ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා විසින් එකොළස් දෙනෙකෙුගෙන් යුතු ජනාධිපති කාර්‍ය සාධක බළකායක් පත්කර තිබේ.

බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ පොලිස් නිළධාරින්ද ඇතුළුව ඉකුත් කාර්‍ය සාධක බලකාය පිහිටුවා තිබේ. මෙවැනි තත්වයකදී අද (4) දින මඩකළපුව දිස්ත්‍රික්කයෙහි වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොඨාශයට අයත් වේත්තුච්චේනයි දෙමළ ගම්මානයට භික්‍ෂුන් වහන්සේලා ඇතුළු නිළධාරින් පිරිසක් පැමිණ සිටියහ.

මේ අතර,පසුගිය මාසයේ වෙල්ලාවෙලි වේත්තුච්චේනයි ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් (ක්‍රීඩා පිටියක්) පුරා විද්‍යා වටිනාකමකින් යුතු ඉඩමක් යැයි පවසා එම ඉඩමට කිසිවෙකු නොයා යුතුයැයි පවසා තිබුණි.

මෙවැනි තත්වයකදී, අද දින භික්‍ෂුන් වහන්සේලා සහ හමුදා නිලධාරින් ඇතුළු නිළධාරින් පිරිසක් ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ ජනතාව අතර කලබලකාරි තත්වයක් ඇති කර තිබේ.

-jvpnews.com-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *