ඇබර්ඩීන් වෛද්‍ය උපාධිය අපි පිලිගන්නේ නැහැ…. වෛද්‍ය සභාවෙන් විශේෂ නිවේදනයක්…

ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශ්‍රී ලංකා වෛද්‍ය ගමන් මග වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළි නොගන්නා බව සඳහන් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් විශේෂ නිවේදනයක් යොමු කර තිබේ.

“ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශ්‍රී ලංකා වෛද්‍ය ගමන් මග වෛද්‍ය උපාධිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචිවීමට සුදුසුකම් සපුරාලන වෛද්‍ය උපාධියක් ලෙස, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිනොගන්නා බව මෛම නිවේදනය ගමින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *