ද්‍රවිඩයන්ට ස්වදේශිකත්වයක් මෙහි නැත – එල්ලාවල මේධානන්ද හිමි …

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාවගේ ගැලවුම්කරුවා වශයෙන් සිටී. මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග භාවිතා කිරීමෙන් එය අද වන තුරු පාලනය කර ගැනීමට හැකි වී ඇත.ඔහු හැර වෙනත් අයෙකු බලයේ සිටියේ නම්, කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වී දසදහස් ගණන් මිනිසුන් මරණයට පත් වීමට ඉඩ තිබුණි.

කෙසේ වෙතත් රටේ ද්‍රෝහීන් විසින් එය පිළිනොගන්නා බව නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරන ජනාධිපති ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු වන එල්ලාවල මේධානන්ද හිමි විසින් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දකුණු ආසියානු මාධ්‍යක සම්මුඛ සාකච්ඡාවකදී ය.

ඔහු තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“දෙමළ නායකයින් ඉල්ලා සිටින්නේ ස්වයං නිර්ණ අයිතිය මත පදනම් වූ බලතල බෙදා ගැනීමය. කිසිඳු අගතියකින් තොරව පාලනය කරන්නා වූ මධ්‍යම ආණ්ඩු පාලනයේ කිසිඳු ගැටළුවක් නොමැති විට බලය බෙදා හැරීමේ අවශ්‍යතාවය කුමක්ද? යැයි ඔහු ප්‍රශ්න කර සිටියේ ය.

එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදුණු එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ ඊසානදිග දෙමළ නිජබිම යනු ස්ථාවරය පිළිඹිබු කිරීමකි. ප්‍රභාකරන් උතුරු හා නැගෙනහිර ද්‍රවිඩයන්ගේ මුතුන් මිත්තන්ගේ නිජබිම ලෙස ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ නිජබිමක් කොහේද? මෙහි සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සමාන පදනමක් මත ජීවත් වේ. එසේ තිබියදී දෙමළ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් භූමි ප්‍රදේශයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

විශේෂයෙන් නැගෙනහිර පළාත දෙමළ ජනයාගේ නිජබිම ලෙස ගත නොහැකිය. නැගෙනහිරෙහි දෙදහසකට වැඩි පුරා විද්‍යාත්මක ස්ථාන දැකිය හැකිය. ඒ සියල්ල බෞද්ධ, සිංහල ඓතිහාසික මිටියාවතයන් ලෙස සැලකේ. එහි දෙමළ ජනයාගේ නිජබිමක් කොහෙද තිබෙන්නේ? යනුවෙන් ද සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව එක්ව ජීවත් වීමට කිසි තැනක තහනම් කර නැත” යනුවෙන් ද පවසා සිටියේ ය.

තවද දෙමළ ජනතාවත්, මුස්ලිම් ජනතාවත් සිංහල සොල්දාදුවන් බහුතරයක් විසින් ආරක්ෂා කරන ලදී. අතීතයේ දෙමළ සටන්කාමී කණ්ඩායම් විසින් සමූල ඝාතනය කිරීමි අපි අමතක නොකරමු. ඒ සියල්ලම නැවැත්වූයේ සිංහල සොල්දාදුවන් ය. එබැවින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් නැති භූමි ප්‍රදේශ තිබේ යැයි පවසා ජාතිවාදය සහ ගැටුම් අැති කිරීමට උත්සාහ නොකරන ලෙසත් ඔහු අයද සිටියේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *