ශ්‍රී ලාංකීය ජනතාවට අනතුරු ඇඟවීමක්!…

ලාංකීය වැසියන් දිනපතා භාවිතයට ගන්නා ලුණු ප්‍රමාණය දෙගුණයක් වශයෙන් වැඩි වී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ නව අධ්‍යයනයේදී දක්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් පුද්ගලයෙකුට එක් දිනකට ලුණු 5gක් පමණක් අවශ්‍ය වේ. එහෙත් වර්තමාන ලාංකීය වැසියන් ලුණු 13g ක් භාවිතයට ගන්නා බව සිදු කළ අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

මේ සඳහා දිවයින පුරා පුද්ගලයින් 850ක් තෝරා ගෙන, ඔවුන්ගේ මූත්‍රා සාම්පලවල ඇති ලුණු ප්‍රමාණය අනුව මෙම පර්යේෂණය සිදු කරන ලදී.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ පර්යේෂණ අංශයේ ප්‍රධානී වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවේ, අධික ලුණු පරිභෝජනය මඟින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

ශ්‍රී ලාංකික කාන්තාවන් සහල් පිසීමට අධික ලෙස ලුණු භාවිතා කරන බවත් සහල් උසස් තත්ත්වයේ තිබෙන බැවින් ලුණු භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය අවධාරණය කළා ය.

එමෙන්ම කරවලවල අධික වශයෙන් ලුණු යොදවා තිබීම ද එක් ගැටළුවක් බව මෙම අධ්‍යයන මඟින් හෙළි වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *