කරුණා අම්මාන් පැය 7ක් CID ට…

අද දින (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පැය 7කට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.

පසුගිය 17 වන දා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී ඔහු සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට පසුගිය ජූුනි මස 23 වන දා දැනුම් දී තිබුණි.

ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරීක්ෂණයට අදාළව ය. නමුත් තමාට ප්‍රකාශය ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව සිය නීතිඥයින් මාර්ගයෙන් කරුණා අම්මාන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබුණි.

එදා ඔහු අම්පාර දී පැවති දේශපාලන රැස්වීමේදී පවසා සිටියේ, තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයන් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩ දී එක රැයකදී දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමූ බව ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *