තැපැල් ඡන්ද අයදුම්පත් 47 දහසක් ප්‍රතික්ෂේප වෙයි…

අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්දය දීම සදහා ඉදිරිපත්වු ඉල්ලුම්පත් 47 දහස් 430 ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. මෙම මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය දීම සදහා ඉල්ලුම්පත්‍ර 753,037 ක් ලැබි තිබුනි. එයින් 705,085ක් සුදුසුකම් ලබා ඇති බව පැවැසේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ජූලි 14, 15, 16 සහ 17 යන දින ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින් සඳහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *