ගෝඨාබය විසඳුමක් දෙන එකක් නැහැ, නමුත් අපි සාකච්ඡා කරනවා – දර්මලිංගම් සිද්ධාර්තන්

“මම ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතාව පුද්ගලිකව දන්නවා, ඔහු හොඳ සිංහල ජාතිකවාදියෙක්. ඔහු දෙමළ ජනතාවගේ දේශපාලනික විසඳුම පිළිබඳ අභිලාෂයන් ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරන්නේ නැහැ, ඔහු දෙන්නේ නැහැ කියා අපි සාකච්ඡා නොකර සිටින්නට බැහැ. සිටින්නෙත් නැහැ“ යැයි ඊයේ (22) දින පැවැති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂක සහ ප්ලොට් සංවිධානය නායක සිද්ධාර්තන් මහතා පැවැසීය.

“අපි ජාත්‍යන්තර මට්ටමින් හා දේශීය මට්ටමින් සාකච්චාවක් කළ යුතුයි. බලපෑම් කළ යුතුයි. නැතිනම් කිසිම ප්‍රශ්ණයක් නොමැති තත්වයක් බවට පත්වෙයි. පසුගිය වසර 70ක කාලයක් අවිහිංසාවෙන් හා ආයුධ අරගලවලින් අපගේ සාධාරණත්වය කතා කර අපට අවශ්‍ය දෑ ඉල්ලා සිටි නිසා තමයි එය අදටත් ජීවමානව තිබෙන්නේ. එමෙන් කතා කිරීම අනිවාර්‍යයි. එය ගෝඨාබය වුනත් වෙනත් කව්රු වුනත් අපි කතා කරනවා“

දෙමළ ජාතික සන්ධානයට සාපේක්‍ෂව විකල්ප පක්‍ෂයක් නොමැති නිසාත්, දෙමළ ජාතික සන්ධානයට දිගු කලක් තිස්සේ සහයෝගය ලබාදීම නිසාත් ජනතාව දෙ.ජා.ස. ටම ජන්දය ප්‍රකාශ කරනු ඇත. එය තහවුරු කර තිබෙනවා. එමෙන් උතුර නැගෙනහිර පළාත්වලින් දෙ.ජා.ස. වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගනියි. දෙ.ජා.ස. පසුගිය කාලයේදී අලුතින් කිසිවක් පැවැසුවේ නැහැ. දශක හතක කාලයක් සෙල්වනායකම් මහතා, අමිර්තලිංගම් මහතා, විමුක්ති අරගල සංවිධාන හා කොටි සංවිධානය ද පැවැසූ දේමයි දැනටත් පවසන්නේ. එනම් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්ණ, මූලික යටිතල ප්‍රශ්ණ ගැන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

  • ස්තුතියි උදයන් වෙබ් -කොටි සංවිධානයස්තුතියි උදයන් වෙබ් –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *