Type to search

රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට ආණ්ඩුව සමත් වෙලා නෑ - හිටපු කථානායක කරු ජයසූරිය
මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලන හිමිකරුවන්... වෙළඳාම පහත වැටීම හේතුවෙන් මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ඉංග්‍රීසි ජන මාධ්‍යයකට මේ බව ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ දින තුනක ඇඳිරි නීතිය පැනවීමට පෙර කාලවකවානුවක මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. මෙම කාල සීමාවේ මත්පැන් අලෙවිය පහත වැටී ඇති බවත්, තවද තමන් එයින් පාඩු ලබන බවත්, මත්පැන් අලෙවිසැල් හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බව කුමාරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය. කෙසේවුවත්, මත්පැන් ව්‍යාපාරය පහත වැටීමට නීති විරෝධී මත්පැන් විකිණීම හේතු විය හැකි බවට තමා සැක කරන බවද කුමාරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිසැල් අනුමැතියකින් තොරව වැසීම නීති විරෝධී බවට ද ඔහු අදහස් දැක්වීය. මේ හේතුවෙන් සීමිත මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයක් සදාකාලිකවම වසා දැමීමට ද සිදු විය හැකි බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.