රනිල් දුන් ජනාධිපති සමාවකුත් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි.

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටියදී ලබා දී තිබෙන ජනාධිපති සමාවක්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිශ්ප්‍රභ කර තිබේ.

මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිශ්ප්‍රභ කර ඇත්තේ, රුපියල් මිලියන 1.74 ක නඩත්තු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 29 ක සිර සිරදඩුවමක් නියමව සිටි මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් යන පුද්ගලයාට ලබා දී තිබෙන ජනාධිපති සමාවයි.

මාස 29ක සිර දඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් පමණක් ගත කර තිබියදී ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන්, ඔහුට ලබා දී තිබෙන ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන්නේ, නසීම්ගේ හිටපු බිරිඳ වන අහමෙන්ඩ් ජලීල් ෆර්මිල්ලා බෙගම් නමැති තැනැත්තියයි.

“සිරකරුවන්ගේ දිනය” නිමිත්තෙන් ලබා දුන් පොදු සමාවක් යටතේ නසීම් නිදහස් කර තිබෙන්නේ 2024 සැප්තැම්බර් 12 වන දා ය.

ඔහුගේ සිරගත කිරීම “දඩ මුදලක් නොගෙවීමක්” ලෙස වාර්තා වී තිබූ අතර, ඒ හා සමාන නඩත්තු ගෙවීම් පැහැර හැරීමක් හේතුවෙන් සිරගත වූ තවත් සිරකරුවෙකුට ලැබුණේ ඔහුගේ දඬුවම් කාලයෙන් සතියක අඩු කිරීමක් පමණි.

ඒ අනුව නසීම්ට විශේෂ සැලකීමක් ලැබී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *