වනාන්තර ගිනි දුමාරය ගැන ඉන්දුනීසියානු ජනාධිපති සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් සමාව ඉල්ලයි!

0

ඉන්දුනීසියාවේ වනාන්තර ගිනිගැනීම් හේතුවෙන් ඇති වූ දුමාරය තම රටවල ජනතාවට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ආසියාන් (ASEAN) සමුළුවේ පැවති සැසියකදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි ඉන්දුනීසියානු ජනාධිපති මන්දිරය පසුගිය ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

වනාන්තර ගිනිගැනීම්වලට සම්බන්ධ සමාගම්වලට එරෙහිව ඉන්දුනීසියානු බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඉදිරියටත් එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, වනාන්තර ගිනිගැනීම් වැළැක්වීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට ද රජය සූදානම් වන බව ඔහු පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මේ අතර, පිලිපීන විදේශ කටයුතු ලේකම් මාරියා තෙරේසා ලසාරෝ සඳහන් කර ඇත්තේ වනාන්තර ගිනිගැනීම් පාලනය කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඉන්දුනීසියාව ඉතා විවෘතව කරුණු ඉදිරිපත් කළ බවයි.

මූලාශ්‍රය – රොයිටර්ස්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed