නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි අකුණු අනතුරු ඇඟවීමක්!
නැගෙනහිර සහ ඌව පළාත් සඳහාත්, පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහාත් ඔක්තෝබර් 25 වන දින අලුයම 1:30 දක්වා තද අකුණු සහිත ගගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවන අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ගෘහස්ථව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, ගස් යට සිටීමෙන් හෝ කුඹුරු, තේ වතු සහ ජලාශ ආශ්රිත විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දී ඇත.
තවද, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසත්, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් බැහැර වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇද වැටී ඇති ගස් සහ විදුලි රැහැන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි සහාය සඳහා ප්‍රදේශයේ ආපදා කළමනාකරණ බලධාරීන් ඇමතීමට කටයුතු කරන ලෙසත් ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇත.

