වනතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම්!

0

2018 වසරේදී පුත්තලම, වනතාවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටෝවත්ත වතුයායේ නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තැබීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල (Trial-at-Bar) විසින් වසර 10 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.
​ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී අබූ හනීෆා මොහොමඩ් මුසිෆ් සහ අමීර් හම්සා මොහොමඩ් හමාස් යන විත්තිකරුවන්ට මෙසේ දඬුවම් නියම කරන ලදී.
​පසුව 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමකට සම්බන්ධතාවයක් සහිතව ලැක්ටෝවත්ත වතුයායේ ගබඩා කර තිබූ බවට සැකකෙරෙන ගිනි අවි, පතරොම් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය සොයාගැනීමේ සිදුවීමට අදාළව මෙම නඩුව පවරා තිබුණි.
​සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නිට්ටඹුව/අධිචෝදනා පත්‍ර 14ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.
​2018 වසරේ සිදුකළ විමර්ශන අතරතුර, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් පුපුරණ ද්‍රව්‍ය ලෙස සැලකෙන නයිට්‍රේට් තොගයක්, ජීව පතරොම් 12ක්, ගිනි අවියක් මෙන්ම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගැනීමට තබාගෙන සිටි බවට සැකකෙරෙන නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා තොගයක් සොයාගන්නා ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed