2026 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.2% කින් වර්ධනය වෙයි
2026 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.2% කින් වර්ධනය වෙයි
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, 2025 වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ දෙවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.2% ක වර්ධනයක් වාර්තා කර ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවතින මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කර මෙම දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වර්ධනය සම්බන්ධයෙන් පහත නිලධාරීන්ගේ අදහස් ඇතුළත් දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත:
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා – ලේකම්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
ගාමිණී කරුණාරත්න මහත්මිය – අධ්‍යක්ෂ ජනරාල්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඒ.කේ. සෙනෙවිරත්න මහතා – භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්
ආචාර්ය කපිල සේනානායක මහතා – අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
