ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක්

0

ඇමෙරිකාව සහ ඉරානය අතර පසුගිය මාස හතකට අධික කාලයක් පුරා පවතින යුදමය ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය ලෝක අවධානයට ලක්ව තිබේ. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ද අනපේක්ෂිත ලෙස එම භූ දේශපාලනික අර්බුදයේ සංවේදී ස්ථානයක පසුවන රටක් බවට පත්ව ඇත.

ඒ සඳහා ප්‍රධාන හේතුව වූයේ, 2026 මාර්තු 4 වන දා ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ යුද නෞකාව ඇමෙරිකානු නාවික හමුදා සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීම යි. එම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

එවැනි පසුබිමක් තුළ, ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ඉරානයට අයත් නෞකා රැසක් ස්ථානගතව ඇති බවට වාර්තා වූ අතර, බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුවිය.

‘ශ්‍රී ලංකාව ආසන්නයේ නැව් 47ක්’
ඇමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් මැද, මෙරට මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ නෞකා 47ක් නවතා ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය සැප්තැම්බර් මස 08 වන දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, මෙරට මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 24කට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ මෙම නෞකා නවතා තබා ඇති බවත්, ඒ අතර ඉරාන නෞකා කිහිපයක් ද වන බවත් ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *