හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්රනාන්දු සියදිවි හානි කරගනියි
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
බම්බලපිටිය ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසීය.
මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදි ඒ මහතා 2014 වසරේ දී නගරාධිපති ධුරයට පත්වූ අතර, 2018 වසරේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වුණි.
