​වෙනිසියුලාවේ ඉන්ධන රැගත් දෙවන නෞකාවත් ඇමෙරිකා භාරයට

0

වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් දෙවන නෞකාව ද ඇමෙරිකාවේ සිට භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලාවේ ඉන්ධන රැගෙන පිටත්ව යමින් සිටි නෞකාවකුයි මෙලෙස ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මාසය තුළදී ඇමෙරිකා වෙරළට ඔබ්බෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් භාරයට ගත් දෙවන අවස්ථාව මෙය බවයි එරට මාධ්‍ය සඳහන් කරයි.

වෙනිසියුලාවට පැමිණෙන හා ඉන් පිටත්වන ඉන්ධන රැගත් නෞකා අවහිර කරන ලෙස පසුගිය සතියේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා නියෝග කලේය.

ඉන් අනතුරුවයි මෙලෙස වෙනිසියුලාවට අයත් ඉන්ධන නෞකා අත්අඩංගුවට ගැනීම සිදුකෙරේ.

මෙලෙස තමන්ට අයත් ඉන්ධන නෞකා අත්අඩංගුවට ගැනීම සොරකමක් හා පැහැර ගැනීමක් ලෙස හඳුන්වන බව වෙනිසියුලාව නිවේදනය කරයි.

ඇමෙරිකාව වෙනිසියුලාවට අයත් සම්පත් සොරකම් කිරීමට උත්සාහ කරන බවටයි ඔවුන් චෝදනා කරයි.

මෙවැනි ක්‍රියාවන්ට කිසිදු සමාවක් හිමි නොවන අතර ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවද නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලා රජය පවසයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සදහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *