වසරේ ගතවූ කාලය තුළ සංචාරක පැමිණීම ලක්ෂ 15 සීමාව ඉක්මවයි: වැඩිම පිරිසක් ඉන්දියාවෙන්

0
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි‍

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි‍

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 15 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 27 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,517,296ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර අගෝස්තු 01 වනදා සිට 27 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 173,878ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.

අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 41,781ක් වේ.

දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 18,197ක් ලෙසද සටහන් වී තිබේ.
තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 11,368කි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම අගය 380,011කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 148,598ක් සහ චීනයෙන් සංචාරකයින්99,875ක්ද මෙරටට පැමිණ ඇත.

එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම අගය 279,328ක් ලෙසට සටහන් වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *