හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරෙයි

0

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසම විසින් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දී තිබේ.

සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කරන ලදී.
සැකකරු අද (28) දින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා රජයේ රුපියල් මිලියන 25ක වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු, 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් නිලධාරීන්ට බලපෑම් කරමින් දේශපාලන හිතවතුන් මඟින් බෙදා දී රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත පසුගිය ජූලි 4 වැනිදා අල්ලස් කොමිසම විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com