මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර: සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසයි.
විදෙස් මධ්‍ය වාර්තා කර ඇත්තේ සවායිඩා නගරයේ ගොඩනැගිල්ලක් සහ නුසෙයිරාත් සරණාගත කඳවුර ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. සවායිඩා ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස කලින් අනතුරු අඟවා තිබුණද, ප්‍රහාරයෙන් විසි වූ සුන්බුන්වලට හසුව බරපතල තුවාල ලැබූ සිව් හැවිරිදි මොහොමඩ් අබ්දෙල් සලාම් ටාහා නමැති දරුවා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර, ගාසා තීරයෙන් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන යානා සහ බැලුන් ප්‍රහාර එල්ල වීම නිසා ඉදිරියේදී තම ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවටද ඔවුන් අනාවරණය කරයි.






