මාධ්‍යවේදීන් සඳහා කොට්ටාවෙන් සහනදායී නිවාස: අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

0
මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතියට අයඳුම්පත් කැඳවීම ඇරඹේ

මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතියට අයඳුම්පත් කැඳවීම ඇරඹේ

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන “මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය” යටතේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීමට නියමිතය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රටට ඉහළ දායකත්වයක් සපයා ඇති, රජයේ මැදිහත්වීමෙන් නිවසක් ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාව සහිත විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් ක්ෂේත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන් හට සහනදායී මිලක් යටතේ නිවාසයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව මෙමගින් හිමිවේ.

ප්‍රතිලාභී නිවාස ගණණ 27කි.

මෙහිදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ සේවා කාලය වසර 10ක් සපුරා ඇති, අවුරුදු 30 – 60ත් අතර වයස් කාණ්ඩයේ පසුවන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2025 හෝ 2026 වසර සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත සතු වීම මූළික සුදුසුකමක් ලෙස සැලකේ.

2026 සැප්තැම්බර් 18වැනිදාට පෙර අයඳුම්පත් යොමු කළ යුතු අතර www.media.gov.lkවෙබ් අඩවියෙන් අයඳුම්පත් බාගත කර ගත හැකිය.
සැල්

සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලේ මඟින්, අධ්‍යක්ෂ (මාධ්‍ය), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට යොමු කළ යුතු බව සඳහන්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *