ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

0
ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

ජනාධිපති අරමුදල වෙතින් ලොතරැයි අලෙවිකරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

2026 වසරේ සිට ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) ප.ව 2.00ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි නියෝජිතයින් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com