පොකුණුවිට ජනතාවට කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබාදීමට නව ගොඩනැගිල්ලක් ජනතා සේවයට
රු.මි 14.7ක වියදමින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට
කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තැපැල් සේවාවක් සැලසීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකරන ලද පොකුණුවිට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පෙරවරුවේ ජනතා සේවයට විවෘත කලේය.
පොකුණුවිට ප්‍රදේශයේ ජනතාවට වඩාත් විධිමත්, කාර්යක්ෂම හා පහසු තැපැල් සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 නොවැම්බර් 30 දින ආරම්භ කරනු ලැබිය.
තැපැල් සේවාව රටේ ජනතාවගේ දෛනික ජීවිතය හා සෘජුව බැඳුණු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවක් වන බැවින්, එම සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස ජනතාව වෙත සමීප කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි රජය විශේෂ අවධානය යොමු කර තිබේ.
ඒ අනුව, රට පුරා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
2025 වර්ෂයේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර තිබූ අතර, එම ප්‍රතිපාදන යටතේ නව ගොඩනැගිලි 17ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
එම වැඩසටහන යටතේ ඉදිකිරීම් අවසන් කර ජනතා සේවයට එක් කරන ලද 11වන තැපැල් කාර්යාලය ලෙස පොකුණුවිට තැපැල් කාර්යාලය වේ.




