කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ
කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ(22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වා තිබේ.
මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා මේ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ බව සඳහන්.
අගෝස්තු මස 24වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්වීම සිදු කර තිබේ.
