ලුසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් ජයක්: නිරාජ් චොප්රා පරදා රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය
රුමේෂ් තරංගගෙන් තවත් සුවිශේෂි ජයග්‍රහණයක්
හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් තවත් සුවිශේෂි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
ඒ ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමත් සමගින්. රුමේෂ් තරංග මෙම ඉසව්ව ජය ගත්තේ තුන්වන අවස්ථාවේදී මීටර් 88.14ක දුරක් හෙල්ලය විසිකරමිනි.
දෙවන ස්ථානයට පත්වු ඉන්දියාවේ නිරාජ් චොප්රා මීටර් 88.05ක දක්ෂතාවක් වාර්තා කිරීමට සමත් විය.
මීටර් 86.69ක දුරක් වාර්තා කළ ඇන්ඩසන් පීටර් හිමිකර ගත්තේ තුන්වන ස්ථානයයි.
මෙම ඉසව්ව සඳහා ලොව ප්‍රමුඛ පෙලේ හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයන් එක් විය.
