අධිවේගී බස් රථවල මගීන්ටත් ආසනපටි නීතිය තදින්ම: සහන කාලය සැප්තැම්බර් 19න් අවසන්
රියදුරන්ට දැනුම්දීමක්
සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය දින්ම ක්‍රියාත්මක කරන බවයි.
ආසනපටි නොපැලඳ ගමන් කරන පුද්ගලයෙකුට රුපියල් 1,000ක දඩයක් පැනවිය හැකි බවද ඔහු සඳහන් කලේය.
අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන්ද එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාව පවතින බව පොලීසිය පවසයි.
මේ අතර, ආසනපටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරන්නේ.
2025 සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආසනපටි පැලඳීම අනිවාර්ය කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.
