තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සාර්ථකව අවසන්

0

තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සාර්ථකව අවසන් …!

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කළ තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව ඊයේ පස්වරුවේ දී රත්මලාන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සාර්ථකව අවසන් විය. සැප්තැම්බර් 16 සහ 17 දෙදින තුළ පැවැති මෙම සමුළුව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහි සමාප්ති අවස්ථාව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුවේ මෙහෙයුම් කමිටු සභාපති, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ , ආචාර්ය ශාන්ත අබේසිංහ මහතා ඇතුළු ආචාර්යවරුන් සහභාගී විය.
මෙහිදී හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ පර්යේෂකයින් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි. එමෙන්ම තරුණ සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයක් ද , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ඒකාබද්ධව ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු විභවතාවයන් හදුනාගනිමින්, ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් හා තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය දත්ත ලබා ගැනීමේ අරමුණින් තරුණ සංවර්ධන පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව සංවිධානය කරනු ලැබීය.

විශ්ව විද්‍යාල සිසුන් (උපාධි / පශ්චාත් උපාධි), ස්වාධීන පර්යේෂකයන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තරුණ සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා දායක විය හැකි අවස්ථාව ලබාදී තිබූ අතර, තරුණ පර්යේෂකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මේ සදහා සිය සාරාංශ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබූ අතර, සමුළුවේ දී පර්යේෂණ පත්‍රිකා 67ක් ඉදිරිපත් කෙරුණි.

අපගේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට ස්තූතියි.

මෙම පුවත ඔබගේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *