​හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතුයි: ඉරානය ඇමෙරිකාවට යටත් විය යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

0
හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව ට්‍රම්ප් කියයි

ට්‍හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව ට්‍රම්ප් කියයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසයි.

ඉරානය සමග එළඹි අවබෝධතා ගිවිසුමේ කාලය ඊයේ(17) දිනයෙන් අවසන් වුණා. එහි කාලය නැවත දීර්ඝ කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.

එබැවින් ඉරානය ඇමෙරිකාවට යටත්විය යුතු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සමග තම කණ්ඩායම සාකච්ඡාවල නිරත බවද ඔහු කියා සිටියි.

කෙසේ වුවද එවැනි කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වෙන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම අවබෝධතා ගිවිසුම කල් ඉකුත්වීමත් සමග ඇමෙරිකාව සමග සටන වඩා ආක්‍රමණශීලී උපායමාර්ගික සැළැස්මක් යටතේ ක්‍රියාත්මක වීමට සූදානම් බවට ඉරානය ඉගි පළකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com