මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍ර නගාසිටුවීමට එක්වන්න: ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන් ඇරයුමක්

0
හඳුන්නෙත්තිගෙන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඇරයුමක්

හඳුන්නෙත්තිගෙන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඇරයුමක්

මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටී.

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය (ASLBF) මගින් සංවිධානය කළ ‘Sri Lankan Entrepreneurs Night 2026’ ව්‍යවසායක සමුළුව එක්වෙමින් ඔහු මෙම ඇරයුම් සිදුකළේය.

මෙල්බර්න් නුවරදී ඊයේ (15) පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබීය.

එහිදී ඔහු වත්මන් ආර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ ආයෝජකයන් සතු කාර්යභාරය පෙන්වා දෙනු ලැබීය.

දූෂණයෙන් තොර, ආයෝජන හිතකාමී සහ පූර්ණ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති බැවින්, මව්බිමේ සංවර්ධනයට සක්‍රීයව දායක වන ලෙස ඔහු සියලු ව්‍යවසායකයන්ට මෙහිදී විවෘත ඇරයුමක් කළේය.

මෙම අවස්ථාවට මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම්, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරික නායකයන් රැසක් එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com