කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්: සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,623 ඉක්මවයි

0
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසු­ගිය සතියේ නිකුත් වූ ආර්ථික දත්ත වාර්තා­වට අනුව කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළේ කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) සිය­යට 1.18කින් ඉහළ ගොස් ඒකක 21,623.17ක් ලෙසත්, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL 20) දර්ශ­කය සිය­යට 1.30කින් ඉහළ ගොස් ඒකක 6,065.72ක් ලෙසත් සට­හන් වී ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

ඇමෙ­රි­කානු ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­යලේ අගය වසරේ මේ දක්වා (Year-to-date) කාලය තුළ සිය­යට 7.1ක අව­ප්‍ර­මා­ණය වීමක් වාර්තා කර ඇත.

දේශීය මූල්‍ය වෙළෙ­ඳ­පොළ තුළ වාණිජ බැංකු මඟින් සිය ප්‍රමු­ඛ­පෙළේ ගනු­දෙ­නු­ක­රු­වන්ට ලබා­දෙන සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනු­පා­ති­කය (AWPR) පසු­ගිය සති­යට සාපේ­ක්ෂව පද­නම් ප්‍රසාද ලකුණු 19කින් ඉහළ ගොස් සිය­යට 10.95ක් ලෙස සට­හන්ව තිබේ. කෙසේ වුවද, බැංකු අතර දෛනික මුදල් වෙළෙ­ඳ­පොළේ සාමාන්‍ය බරිත ඇම­තුම් මුදල් අනු­පා­ති­කය (AWCMR) සිය­යට 8.80 දක්වා සුළු පහත වැටී­මක් පෙන්වයි. මීට අම­ත­රව, රාජ්‍ය මූල්‍ය අංශය තුළ භාණ්ඩා­ගාර බිල්පත් සහ බැඳු­ම්කර පොලී අනු­පාත (Yields) ද්විතී­යික වෙළෙ­ඳ­පො­ළෙහි සුළු වශ­යෙන් පහත වැටී ඇති අතර, මෙවර භාණ්ඩා­ගාර බිල්පත් වෙන්දේ­සිය සඳහා පිරි­න­මන ලද මුද­ලට වඩා 2.8 ගුණ­යක අධික ඉල්ලු­මක් (oversubscription) ලැබී තිබේ. විදේශ ආයෝ­ජ­ක­යන් සතු රාජ්‍ය සුරැ­කු­ම්ප­ත්වල රුපි­යල් වටි­නා­කම ද සිය­යට 0.7කින් පමණ ඉහළ ගොස් ඇත. යහ­පත් කාල­ගු­ණික තත්ත්ව­යන් හේතු­වෙන් 2026 ජූනි මාස­යේදී මෙරට තේ සහ රබර් නිෂ්පා­ද­නය පෙර වසරේ ජූනි මාස­යට සාපේ­ක්ෂව වර්ධ­න­යක් වාර්තා කර ඇතත්, වසරේ පළමු මාස හයක සමස්ත කාල­සී­මාව තුළ නිෂ්පා­ද­නයේ පහත වැටී­මක් වාර්තා වේ.

ජූනි මාසයේ කාර්මික නිෂ්පා­දන දර්ශ­කය (IIP) සිය­යට 0.8කින් ඉහළ ගොස් 99.2ක් ලෙස සට­හන් වූ අතර, ඒ සඳහා ආහාර නිෂ්පා­දන (සිය­යට 6.8ක වර්ධ­න­යක්) සහ ලෝහ නොවන ඛනිජ නිෂ්පා­දන (සිය­යට 7.2ක වර්ධ­න­යක්) ප්‍රධාන වශ­යෙන් දායක වී තිබේ.

ලෝක වෙළෙ­ඳ­පොළේද බොර­තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සති­ය­කට පෙර පැවති මිලට සාපේ­ක්ෂව Brent බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 3.34කින් සහ WTI බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 2.79කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com