ඩ්‍රෝන යානා සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන්න: චීනයෙන් ඇමෙරිකාවට තද බල බලපෑමක්

0
ඩ්‍රෝන සහ අමතර කොටස් සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන්න – චීනය අමෙරිකාවට කියයි

ඩ්‍රෝන සහ අමතර කොටස් සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන්න – චීනය අමෙරිකාවට කියයි

ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා, 232 වගන්තිය යටතේ පනවා ඇති තීරුබදු ක්‍රියාමාර්ග වහාම ඉවත් කරන ලෙස චීනය ඊයේ (20) ඇමෙරිකාවට දන්වා තිබේ.

මෙම ක්‍රියාමාර්ග චීන ව්‍යවසායන්ගේ අවශ්‍යතාවලට දැඩි ලෙස හානි කරන අතර, ගෝලීය ඩ්‍රෝන යානා කර්මාන්තය සහ සැපයුම් දාමයන්හි සහයෝගීතාවට බාධා කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

ඇමරිකාව ක්‍රියාත්මක කරන , 232 වගන්තිය යටතේ ඇති ක්‍රියාමාර්ග “ජාතික ආරක්ෂාව” යන මුවාවෙන් සිදු කරන ඒකපාර්ශ්වික සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් බව චීනය නිරන්තරයෙන් පෙන්වා දී ඇත.

නිත්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින්, චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මේ බව සඳහන් කළේ, තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්ය.

ඇමරිකාව අපනයනය කරන චීන ඩ්‍රෝන යානා ප්‍රධාන වශයෙන් සිවිල් කටයුතු සඳහා භාවිත කරන බව He Yadong පැවසීය. කෘෂිකර්මාන්තය, උපකරණ පරීක්ෂා කිරීම, චිත්‍රපට හා රූපවාහිනී විනෝදාස්වාද කටයුතු ඊට ඇතුළත්ය.

232 වගන්තිය යටතේ ගන්නා ක්‍රියාමාර්ග මගින් “ජාතික ආරක්ෂාව” යන සංකල්පය අතිශය පුළුල් ලෙස අර්ථ දක්වා ඇති බව He Yadong සඳහන් කළේය. එමෙන්ම වෙළඳ හවුල්කරුවන් අනුව වෙනස් තීරුබදු අනුපාත පනවා ඇති අතර, අදාළ චීන නිෂ්පාදනවලට වෙනස්කම් කරමින් සැලකීමක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

මෙම ක්‍රියාමාර්ග සාධාරණ තරගකාරීත්වයක් සහිත වෙළඳපොළ පරිසරයට තවදුරටත් හානි කරන බව චීන ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත. චීනය මෙයට දැඩි ලෙස විරුද්ධ වන බවද හෙතෙම පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com