ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසයේදී අධිකරණ වෙත: මහජන ආරක්ෂක ඇමැතිගෙන් සහතිකයක්
ගොඩගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මාසයේදී අවසන් කිරීමට පියවර
දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඒ මහතා අද (15) පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කලේය.
එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමග සාකච්ඡාවකද නිරතවී තිබේ
මේ අනුව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලටත් ගොස් නිරීක්ෂණය කර ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසිය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය.
“අද දින පල්ලන්සේන බන්ධනාගාර පැමිණියේ විශේෂයෙන් බන්ධනාගාර කමිටුවක් පිහිටුවන්නයි. මීට දින කිහිපයකට කලින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ ඇමතිවරයා සහ මං ඇතුළු පිරිසක් සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අපි සාකච්ඡා කළේ ලංකාවේ බන්ධනාගාර 33 ම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. එකට අපි අද කමිටුවක් හදනවා. මෙහි ප්‍රධාන අරමුණ සිරකරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන එක.
බන්ධනාගාර තුළ අධික තදබදය වැඩියි. අපි ඒක පිලිගන්නවා.ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා සැලසුමක් හදලා තියනවා.
අපි අද පල්ලන්සේන බන්ධනාගාරය තුළ ඉන්න අය එක්ක කතා කරා. ඒ අයගේ ගැටලු අපි කතා කරා. ආහාර , සනිපාරක්ෂාව ගැන අපි හොයලා බැලුවා. එයලා ඉල්ලන්නේ රස පරික්ෂක වාර්තා කඩිනම් කරන්න කියලා. අපි ඉදිරි දින වලදිත් යනවා බන්ධනාගාර නිරික්ෂනය කරන්න. පුළුවන් තරම් ඉක්මනින් මේ අය අධිකරණ ඉදිරිපත් කරලා සමාජයේ පුරවැසියන් කරන්න බලාපොරොත්තු වෙනවා.
නිලධාරීන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කරනවා. බන්ධනාගාර රෝහල ගැනත් අපි සොයලා බැලුවා. රැඳවියන් සමග හොඳ සබඳතාවක් ගොඩ නැගුනා. රැදවියන් පැසසුවා අධිකරණ ඇමතිවරයාගේ වැඩ පිළිවෙල ගැන. එළියේ විවධ අය කියන අය කතා ගැනත් අපි විමර්ශනය කරනවා.
රැඳවියන්ගේ පවුල්වල අයත් පීඩාවට පත්නොවන ආකාරය අපි වැඩ කරනවා. ආයේ ගැටලු ඇති වෙන්නැ බන්ධනාගාර තුළ. අපි ඒ හැමදේම හරිගස්සලා තියෙන්නේ දැන්” යැයිද සඳහන් කලේය.




