අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ 23,352ක්: 31 දෙනෙකු සොයාගත් බව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති පවසයි
අතුරුදහන් වූ 23,352 කගේ ලැයිස්තුවක් - අතුරුදහන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය
අතුරුදහන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදහන් වූ පුද්ගලයන් 23,352 කගේ ලැයිස්තුවක් සකස් කර තිබෙන බව හා ඉන් පුද්ගලයන් 31 දෙනෙකු සොයාගෙන තිබෙන බව එම කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද පවසා තිබේ.
ඔහු ඒ බව පවසා ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක්වූ විනිද්තයින්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බ්‍රහස්පතින්දා (13) දින පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එසේ අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවේ සිට සොයාගත් පුද්ගලයන් 31 දෙනාගෙන් පුද්ගලයන් 2 නෙකු ස්වභාවිකවම මියගොස් ඇති බවයි.
එමෙන්ම අතුරුදහන්වූවන් පිළිබඳ සකස්කර ඇති ලැයිස්තු අතරින් අතරින් සිවිල් පුද්ගලයන් 16,966 කගේ ලිපිගොනු ජීව වශයෙන් නඩත්තු කරගෙන යන බවද ඔහු පවසා ඇත. එසෙම් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ හමුදා හා පොලිස් නිලධාරීන්ද සිටින බවත් ඔවුන්ගේ ලිපිගොනු වෙනම කණ්ඩායමක් වශයෙන් නඩත්තු කරගෙන යන බවද ඔහු තවදුරටත් පවසා තිබේ.
Author
