හිරිකැටිය කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දැවැන්ත විරෝධයක්

0

හිරිකැටිය ප්‍රදේශයේ කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට විරුද්ධව අද ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් පවත්වලා තියෙනවා.

මුලින් කෑම කඩයක් විදිහටත්, පසුව චැබඩ් හවුස් යනුවෙන් හැඳින්වෙන ඊශ්‍රායල ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙසත් පවත්වාගෙන ගිය ස්ථානය පසුව සිනගොග් synagogue නමින් හැඳින්වෙන ඊශ්‍රායල ආගමික ස්ථානයක් බවට ඔවුන් ප්‍රසිද්ධියේ හඳුන්වනු ලැබුවා.

ඊශ්‍රායල සංචාරකයන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය අනෙක් අයට පීඩාකාරී බව ගම්වාසීන් මෙහිදී පැහැදිලිව ප්‍රකාශ කලා.

මෙවන් ආගමික ස්ථාන නිසා ඊශ්‍රායල ජාතික සංචාරකයන් ප්‍රදේශයට වැඩි වැඩියෙන් ඒමට ඉඩ ඇති බවත්, ඒ හරහා අනෙක් සාමකාමී සංචාරකයන් බියට පත්වී හිරිකැටිය සංචාරක කලාපයට හානි වීමේ අනතුර නිසා මේ උද්ඝෝෂණය පැවැත්වූ බවත් ඊට සහභාගී වූ නිල්වැල්ල සහ දික්වැල්ල ගම්වාසීන් සහ ස්වාමීන් වහන්සේලා උද්ඝෝෂණය අතරදී පැවසුවා.

විශේෂයෙන්ම IDF සේවයේ බිහිසුණු අපරාධ වලට දායකව මානසික අස්ථාවර තත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සමහර ඊශ්‍රායල් සංචාරකයන් පුරවැසියන් හා අනෙකුත් සංචාරකයන් හා ඇති කරගන්නා ගැටුම් බලධාරීන්ට වාර්තා කලද ඒ සම්බන්ධව වැඩිදුර ක්‍රියාකරන බවක් නොපෙනේ. ශ්‍රී ලංකාවේ නීති වලට පිටින්, සංචාරක වීසා මත දිවයිනේ රැඳී සිටින ඊශ්‍රායලය ජාතිකයන් සේවකයන් වශයෙන් බඳවා ගනිමින්, වෙරළාරක්ෂක කලාප වල ගොඩනැගිලි ඉදි කරමින් පවත්වාගෙන යන ඊශ්‍රායල් ව්‍යාපාර හරහා ප්‍රදේශයේ ජනතාව වඩ වඩාත් අපහසුතාවයට පත්ව ඇත.

මේ තත්වය පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් ඇතුළු දකුණු ආසියාව පුරා දැකගත හැක. දේශීය ව්‍යාපාර කඩාකප්පල් කරමින් මුළු නගර සහ ගම්මාන පවා ඉශ්‍රායල ජාතිකයන් විසින් ඉශ්‍රායල ජාතිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යන අවස්ථාද, මුදල් හුවමාරු කිරීම්, ටැක්සි සේවා, ඉඩම් මිලදී ගැනීම් ආදී උපායමාර්ගික ව්‍යාපාර වල යෙදෙන ආකාරයද නිරීක්ෂණය වේ. එවැනි ව්‍යාපාර ඒවා ක්‍රියාත්මක වන ප්‍රදේශවල දේශීය ජනතාවගේ යහපැවැත්මට හෝ ජීවනෝපායන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද දායක වන්නේ ඉතා අල්ප වශයෙනි.

මීට ඉහතදී කොළඹ වැල්ලවත්ත සහ අරුගම්බේ ප්‍රදේශ වලද ප්‍රදේශවාසීන් සහ ශ්‍රී ලාංකික පුරවැසියන් ඊශ්‍රායල චැබඩ් හවුස් සහ සිනගොග් වලට විරෝධතාවය දැක්වූයේ ශ්‍රී ලංකා රජයේ වියදමින් පොලිස් ආරක්ෂාව ලබාදී මේ ස්ථාන පවත්වාගෙන යාමේ අරමුණත් ප්‍රශ්න කරමින්.

පහුගිය කාලයේ ඊශ්‍රායල් සංචාරකයන් විසින් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත්, අනෙකුත් සංචාරකයන්ටත් අඩන් තේට්ටම් කල අවස්ථා සහ අනීතික ව්‍යාපාර කිරීම් බොහොමයක් වාර්තා වී ඇති අතර නිදහස් පලස්තීනය සඳහා වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරය විසින් මේ සම්බන්ධ පොලිසියට පැමිණිලි කල සටහන් ඇතුලු වාර්තා විදේශ අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාටද බාර දී ඇත.

පිලිපීනය සහ තායිලන්තය වැනි අනෙක් සංචාරක ගමනාන්තයන් වලද මෙවැනි උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වී ඇති අතර, එහිදී සමහර ඉශ්‍රායල සංචාරකයන්ගේ කලහකාරී හා පීඩාකාරී හැසිරීම් වලට විරුද්ධ වලට එරෙහි වූ ඒ රටවල පුරවැසියන්ට පහරදීම් සහ දේපළ හානි සිදු කල අවස්ථා පවා වාර්තා වී ඇත.

Melani Gunathilaka.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com