ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ: නායකත්වය චමරිට
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කර තිබේ.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ චමරි අතපත්තු වන අතර මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා 20-20 තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරඟාවලියට කණ්ඩායම් 8ක් තරග වදින අතර ඊට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (14) නම් කර තිබේ.
ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය පහතින්,
1. චමරි අතපත්තු – (නායිකා)
2. ඉමේෂා දුලානි
3. සංජනා කාවින්දි
4. විශ්මි ගුණරත්න
5. හර්ෂිත සමරවික්‍රම – (උප නායිකා)
6. කවීෂා දිල්හාරි
7. නිලක්ෂිකා සිල්වා
8. හසිනි පෙරේරා
9. කෞෂිනි නුත්‍යාංගනා – (කඩුලු රකින්නා)
10. දෙව්මි විහඟා
11. සුගන්දිකා දසනායක
12. චමුදි ප්‍රබෝදා
13. චේතනා විමුක්ති
14. කාව්‍යා කාවින්දි
15. මිතාලි අයෝද්‍යා
