88/89 භීෂණ සමයේ අගතියට පත් සියල්ලන්ට යුක්තිය ඉටුකරන්න: උවිඳු විජේවීරගෙන් ජනාධිපතිට ඉල්ලීමක්

0
88,89 ට දැන්වත් යුක්තිය ඉටු කරන්න – උවිදු විජේවීර

88,89 ට දැන්වත් යුක්තිය ඉටු කරන්න – උවිදු විජේවීර

88,89 වර්ෂවලදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් තවමත් විශාල පිරිසක් අගතියට පත්ව සිටින බවත් ඒ සියලු දෙනාට යුක්තිය ඉටු කරන ලෙසට දෙවන පරපුර සංවිධානයේ නායක උවිදු විජේවීර මහතා ඉල්ලා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද ජනාධිපති ලේකම් කාර්යයාල පරිශ්‍රය ඉදිරිපිට සිට මාධ්‍යයට අදහස් දක්වමින්.

රෝහන විජේවීර ඇතුළු වාමවාදී දේශපාලන කණ්ඩායම්වල සිටි දේශපාලන නායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියා.

ඒ සඳහා අවශ්‍ය යුක්ති සහගත පරීක්ෂණයක් නැවත සිදු කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කලේය.

88,89 කාළ වකවානුව පමණක් හුදු තනි සිදුවීමක් ලෙස නොගෙන 80 දශකයේ මුල සිටම සිදු වූ යාපනය පුස්තකාලය ගිනි තැබීම, උතුරේ බස් ගිනි තැබීම ඇතුළු සමස්ත සිදුවීම් ජාලයම අවධානයට යොමු කරමින් මෙම පරීක්ෂණය සිදු කළ යුතු බවද උවිදු විජේවීර මහතා පෙන්වා දුන්නා.

ඒ සඳහා අවශ්‍ය සංවිධානයක් ගොඩනගන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“අපි ඉල්ලා සිටිනවා මේ අත්තඩංගුවට අරගෙන ඝාතනය කරපු සියලුම දෙනාට අපිට යුක්තිය ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය, පහළ නායකත්වය, විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ඇතුළු සියලු දෙනාටම යුක්තිය ඉෂ්ට කරන්න. දේශප්‍රේමී 60,000ක මිනිස්සුන්ට යුක්තියක් ඉෂ්ට කරන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මේක ජවිපේ සටනක් කරගන්නේ නැතුව අපි එක්සත් ජාතික පක්ෂයේ මියගිය සියලු දෙනා වෙනුවෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මියගිය සියලු දෙනා වෙනුවෙනුත් කොමියුනිස්ට් පක්ෂය, මහජන පෙරමුණ ඇතුළු මේ සමස්ථ ක්‍රියාවලියේ මියගිය සියලු දෙනා වෙනුවෙන්ම අපි යුක්තිය ඉටු කරමු. ඒ සියලු දෙනා වෙනුවෙන්ම අපි සංවිධානයක් හදනවා. ඒ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න. ඔබ කොමිෂන් සභාවක් පත් කරලා මේක විභාග කරන්න කියලා අපි ආයාචනාත්මකව මේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා මේක කරේ නැත්තම් කවුරුත් මේ වැඩේ කරන් නෑ කියන එකත් අපි කියනවා…”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com