ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ජූලි මාසයේදී ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළට

0
ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්

ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්

මෙරට සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සටහන්ව ඇති අතර ඒ අනුව එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී සුළු වැඩිවීමක් වන අතර පසුගිය ජුනි මාසයට සාපේක්ෂව 2.017%ක වැඩි වීමකි.

ජුනි මාසයේදී මෙරට විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වී තිබුණි.

ඒ අනුව ඩොලර් මිලියන 133ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය ජූලි මාසයේදී මෙරට සමස්ත සංචිත ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් වාර්තා කර ඇත.

මේ අතර පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේද රන් සංචිත ඩොලර් මිලියනයකින් ඉහළ ගොස් තිබේ.

ජුනි මාසයේදී රන් සංචිත ලෙස ඩොලර් මිලියන 191ක් සටහන් වූ අතර ජූලි මාසයේදී එය ඩොලර් මිලියන 192 දක්වා මිලියනයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com