යාපනය චෙම්මනි සමූහ මිනිවළේ 6 වන අදියර අවසන්, මෘතදේහ 500 සීමාව ඉක්මවයි

0
චෙම්මනි සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස්

චෙම්මනි සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස්

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

ඒ අනුව මෙරට තුළින් මිනිස් සිරුරු 500 ඉක්ම වූ ප්‍රමාණයක අස්ථි කොටස් ගොඩගත් පළමු අවස්ථාව මෙය වන බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පවසයි.

මහාචාර්යවරයා පැවසූවේ සමූහ මිනිවළක් තුළින් මිනිස් සිරුරු 500ක් ගොඩ ගැනීමේ සිදුවීමක් මින්පෙර මෙරටින් වාර්තා වි නොමැති බවය.

චෙම්මනි සමූහ මිනිවළ හය වන අදියර 46වන ඊයේ දින (07) යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *