ලක්ෂ්මන් යාපාට ඇප
ලක්ෂ්මන් යාපාට ඇප
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධිචෝදනා භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද(07) නියෝග කර තිබෙ.
ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
එහිදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුට භාරදීම සිදු වූ අතර අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා එක් ඇපකරුවකු ළඟම ඥාතියකු විය යුතු බවටද නියෝග කර ඇති බව සඳහන්.
පසුව මෙම නඩුව අගෝස්තු මස 28 වනදා කැදවන ලෙස නියෝග කලේය
2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යයාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුවෙන් චෝදනා එල්ල එල්ල වී තිබෙනවා.




