ලලිත් – කුගන් අතුරුදන්වීමේ නඩුවේ ගෝඨාභයට අධිකරණයෙන් නියෝගයක්

0
ලලිත් – කුගන් අතුරුදන්වීමේ නඩුවේ ගෝඨාභයට අධිකරණයෙන් නියෝගයක්

ලලිත් – කුගන් අතුරුදන්වීමේ නඩුවේ ගෝඨාභයට අධිකරණයෙන් නියෝගයක්

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව ලබන මස 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිට ෙමාර්ගගත ක්‍රමය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්සි ලබා දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කර තිබ්.

ඒ යාපනය ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් හමුවේ අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදී.

2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා යාපනය ආවරංකාල් ප්‍රදේශයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වෙමින් පවතිනවා.

ඔවුන්ගේ ඥාතීන් විසින් 2012 වසරේ කොළඹ අභියාචනාධිකරණයට හේබියස් කෝපස් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් විභාග කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණා.

ඒ අනුව නඩු විභාගය 2012 සැප්තැම්බර් 19 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ කෙරුණා

2017 වසරේදී මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමද ඇතුළත් කෙරුණු අතර, ඔහු අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස නියෝග නිකුත් කෙරුණා.

ආරක්ෂක හේතූන් මත යාපනයට පැමිණිය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට දැනුම් දී තිබූ අතර, පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදීමට අවසර ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය, සුදුසු දිනයක අදාළ මහේස්ත්‍රාත් අධිකරණයකට පෞද්ගලිකව පෙනී සිට එම ස්ථානයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදෙන ලෙස නියෝග කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *