​හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග

0
රුමේෂ් තරංග අංක එකට

රුමේෂ් තරංග අංක එකට

ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබේ.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග, ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනුයි මෙම ස්ථානය හිමිකරගෙන ඇත්තේ.

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණි පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග ඉතිහාසයට එක් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *