වියළි කාලගුණයෙන් විනාශ වූ වී වගාවන්ට කඩිනමින් වන්දි ගෙවීමට පියවර

0
වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරුවලට ජලය හිඟ වීමෙන් සිදුව ඇති වගා හානිවලට කඩිනමින් වන්දි

වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරුවලට ජලය හිඟ වීමෙන් සිදුව ඇති වගා හානිවලට කඩිනමින් වන්දි

වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරුවලට ජලය හිඟ වීමෙන් සිදුව ඇති වගා හානිවලට කඩිනමින් වන්දි ගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි අංකය ඇමතීමෙන් ගොවීන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි.

මොණරාගල, පොලොන්නරුව, අනුරාධපුර ආදිය දිස්ත්‍රික්වල වියලි කාලගුණය හේතුවෙන් වී වාගවන්ට හානි සිදුව තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ එම කුඹුරු ඉඩම්වලට ගොස් හානි පරීක්ෂා කිරිමේ කටයුතු තම නිලධාරීන් මේ වන විට ආරම්භ කර ඇති බවයි. හානි වූ කුඹුරු සඳහා කඩිනමින් වන්දි ගෙවන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාද උපදෙස් දී ඇති බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසන්නේ.

ජලය හිග වීමෙන් වී වගාවන් හානියට පත්ව ඇත්නම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් හමුවී හානිය දැනුම්දිය යුතු වේ.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ඇති හානි දැනුම්දිමේ පොතෙහිද වගා හානිය සටහන් කළ හැකියි.

1918 කෙටි අංකය ඇමතීමෙන්ද මේ පිළිබද තොරතුරු ලබා ගත හැකි බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගස්වැව, නිකවැව, එළබටුවැව, කුන්කුනා වැව, කුඩා වැව, බටුහේන වැව ආදි වැව් රැසක් වැස්ස නොමැතිව වියළි ගොස් තිබේ.

මෙම වැව් මගින් වී වගා කළ කුඹුරු අක්කර 100 ගණනකට එමගින් බලපෑම් එල්ල වී ඇති බවයි ගොවීන් පෙන්වා දේ.

පිදීමට ආසන්නව තිබු ගොයම් විනාශ වී ගොස් ඇති අතර බොහෝ පිරිසක් වැව් මැද ලිං හරා ජලය ලබා ගැනීමට උත්සහ කරන ආකාරය දැකගත හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com