හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා මිලියන 150ක නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ

0
හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා මිලියන 150ක නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ

හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා මිලියන 150ක නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැවිලි කර්මාන්තය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින්, “තාක්ෂණ සහ ශ්‍රම ශක්තියෙන් අනාගත දිනන හලාවත වැවිලි සමාගම” වැඩසටහන යටතේ හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ නිල වශයෙන් බෙදාදීම ඊයේ (05) පලුගස්වැව වතු කලාපයේදී සිදු කෙරුණා.

මෙහිදී රුපියල් මිලියන 150කට අධික වටිනාකමකින් යුත් ජල බවුසර් 22ක්, ට්‍රැක්ටර් 27ක්, ට්‍රැක්ටර් ටේලර් 13ක්, අත් ට්‍රැක්ටර් 10ක්, අත් ට්‍රැක්ටර් ටේලර් 7ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, යාන්ත්‍රික කියත් යන්ත්‍ර 2ක්, වල් කපන යන්ත්‍ර 14ක්, රොටාවෙටර් යන්ත්‍ර 4ක් සහ ඩිස්ක් හැරෝ යන්ත්‍ර 10ක් ඇතුළු නවීන කෘෂි යන්ත්‍රෝපකරණ තොගයක් හලාවත වැවිලි සමාගමේ වතු කලාප වෙත නිල වශයෙන් භාර දුන්නා.

වතු අංශයේ යාන්ත්‍රිකකරණය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය ඔස්සේ වැවිලි කර්මාන්තය අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com