ඉන්දියානු නැවත ගොඩනැගීමේ (Reconstruction Package) ආධාර පැකේජය යටතේ තවත් බේලි පාලම් (Bailey Bridges) තොගයක්

0

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක නැවත ගොඩනැගීමේ (Reconstruction Package) ආධාර පැකේජය යටතේ, මෙට්‍රික් ටොන් 250කට වඩා බරින් යුත් තවත් බේලි පාලම් (Bailey Bridges) තොගයක් (06) ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දී තිබේ.

මෙම පාලම් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ශ්‍රී මෛත්‍රී කුල්කර්ණි (Shri Maitrey Kulkarni) විසින් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ වෙත භාර දුන් බවයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ප්‍රවාහන සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීම අරමුණු කරගනිමින් මෙම පාලම් දිවයින පුරා ස්ථාපනය කිරීමට නියමිත‍යි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com