යාපනය කණ්ඩායමෙන් LPL ඉතිහාසයේ නව වාර්තාවක්

0
යාපනය කණ්ඩායමෙන් LPL ඉතිහාසයේ නව වාර්තාවක්

යාපනය කණ්ඩායමෙන් LPL ඉතිහාසයේ නව වාර්තාවක්

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලි ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් යාපනය කණ්ඩායම නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.

කොළඹදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස් කරමින් ඔවුන් මෙම වාර්තාව අලුත් කර තිබේ.

මෙහිදී බිඳ වැටුණේ මීට පෙර 2022 වසරේදී යාපනය කණ්ඩායම විසින්ම කඩුලු 3ක් දැවී ලකුණු 240ක් රැස් කර පිහිටුවා තිබූ වාර්තාවයි.

අද (05) පැවති මෙම තීරණාත්මක තරගයේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිල් මිෂාර, පන්දු 55කින් විශිෂ්ට නොදැවී ලකුණු 108ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට ප්‍රධාන දායකත්වයක් ලබා දි තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com