දූෂණ චෝදනා මත හිටපු ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

0
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ මස 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ගොඩගේ අකිල කාරියවසම් යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

“ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කරමින්, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධනහලක සේවයේ යොදවා ගනිමින්ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රුපියල් 2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ගොඩගේ අකිල කාරියවසම් යන අය 2026.08.05 වන දින ප.ව.1.45 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed