ඇමෙරිකාව සහ බ්‍රසීලය අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක්: වොෂින්ටන් නුවර බ්‍රසීල තානාපතිනියගේ වීසා අවලංගු කෙරේ
රාජ්‍යතාන්ත්‍රික ආතතීන් උත්සන්න කරමින් අමෙරිකාව, බ්‍රසීල තානාපතිවරියගේ වීසා අවලංගු කරයි
අමෙරිකාව සහ බ්‍රසීලය අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තියුණු අතකට හැරෙමින්, වොෂින්ටන් නුවර බ්‍රසීල තානාපතිවරියගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරය පියවර ගෙන තිබේ.
මරියා ලුයිසා රිබෙයිරෝ ඔටිගේ වොෂින්ටන් නුවර බ්‍රසීල තානාපතිවරිය ලෙස කටයුතු කරයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ නව තානාපති නම් කිරීම බ්‍රසීලය විසින් ප්‍රමාද කිරීම සහ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුට රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම මෙම පියවරට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පාලන තන්ත්‍රයේ නියෝජිතයෙකු වන ඩැනියෙල් පෙරෙස් බ්‍රසීලයේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස පිළිගැනීමට බ්‍රසීල රජය කටයුතු කළහොත්, බ්‍රසීල තානාපති මරියා ලුයිසා රිබෙයිරෝ ඔටිගේ වීසා බලපත්‍රය යළි ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, ඇය වහාම රටින් නෙරපා හැරීමක් සිදු නොවන අතර, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේද විසඳා ගැනීම සඳහා මෙම පියවර අන්‍යෝන්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස ගෙන ඇති බව අමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.






